BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය): May 2020

Like Us on Facebook

Monday, May 18, 2020

අනේ මගේ පුතාට හරියට තරහ යනවා ....



 මොකක්ද මේ තරහ කියන්නෙ?

තරහ කියන්නෙත් අපිට ඇති වෙන අනිත් හැඟීම් වගේම සාමාන්‍ය පොදු හැඟීමක්. අපි හැමෝටම තරහ යනවා. අපිට තරහ කියන හැඟීම යටපත් කර ගන්න බෑ. අනිත් කාරණය නම්, තරහ හෝ වෙනත් හානිකර හැඟීම් යටපත කරගන්න සුදුසුත් නෑ. 
  • අන් අයට කරදරයක් 
  • තමන්ට කරදරයක් 
  • බඩුමුට්ටු වලට කරදරයක් 
වෙන්නෙ නැත්නම් තරහ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපිට තරහ ගියාම මේ පියවර තුනටම හානි වෙනවා. 

නමුත් දරුවාගේ තරහ යෑම අන් අයට, තමාට හා බඩුමුට්ටු වලට හානි වීම හෝ බාධා වීම වැළැක්වෙන විදිහට මුදාහරින්න දරුවන්ට පුරුදු කරන්න ඕනේ. 

දරුවන්ට තරහ යෑමට මනෝවිද්‍යාත්මක හේතු ඇතත්, තරහ යන හැම දරුවෙකුටම මානසික ගැටලු සහිත දරුවන් කියලා හඳුන්වන්න බැහැ. 

අධික ලෙස තරහ යෑම විවිධ සමාජීය මනෝවිද්‍යාත්මක හේතු නිසා සිදුවිය හැකිය. 

තරහ යෑමට බලපාන හේතු ....

  • තම හැඟීම් පාලනය කරගැනීමට ඇති අපහසුව. 
  • තමන්ගේ හැඟීම් ප්‍රකාශ කර ගැනීමට ඇති අපහසුව.
  • ආවේගශීලි බව. 
  • ගෙදර පරිසරය. 
  • දෙමාපියන්ගේ හැසිරීම් රටා. 
  • දෙමාපියන්ගේ  වෙන්වීම්. 
  • ආතතිය හෝ බිය ඇති කරන අත්දැකීම්. 
දරුවන් තුළ තමන් පිළිබඳව විශ්වාසය අඩු නම් දරුවන් නිතරම සිටින්නේ පීඩා වෙනි, දුකිනි. එම නිසා ඔවුන් නිතරම ඍණාත්මක සිතුවිලි වල ඉඳගෙන, තමාට අසාධාරණයක් වූවා යැයි සිතයි. මේ නිසා ඔවුන් ක්‍රියාකරන්නේ තරහිනි. 

දරුවාට තරහ යන්නේ නම් .....


  • දරුවා තරහ ගන්නා අවස්ථා මොනවාද ?
  • එවිට ඔවුන් හැසිරෙන ආකාරය කෙසේද ?
  • දරුවාගේ වටපිටාව ?
  • පාසල් පරිසරය?
  • දරුවා ආශ්‍රය කරන පිරිස් හෝ දරුවා යන එන තැන් වලින් පීඩා තිබෙනවාද ?
  • තම නිවසේ වැඩිහිටියන්ගෙන් වෙන බලපෑම?
  • විශේෂයෙන් ම දෙමවුපියන්ගේ හැසිරීම් රටාවවැනි කරුණු ගැන වැඩි සැලකිල්ලක් හා අවධානයක් යොමු කරන්න ඕනේ. 

දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමට...


  • දරුවාගේ කටයුතු අගය කිරීම.
  • දරුවාට නිතර ප්‍රශංසා කිරීම.
  • අන් අය සමඟ දරුවාව සංසන්දනය නොකිරීම.
  • දරුවාට වගකීම් ලබාදීම.
  • දරුවාගේ වැරදි අන් අය ඉදිරියෙ නොපැවසීම.
  • දරුවාගේ හැඟීම් වලට වටිනාකමක් ලබාදීම.
  • දරුවා සමග ගත කිරීමට දවසේ කාලයක් වෙන්කරගැනීම.
  • දරුවාගේ පෙර වැරදි සිහි කරමින් දරුවා පිළිබඳ සමස්ත තීරණ වලට එළඹීමෙන් වැලකීම.

දරුවන්ගේ තරහා පාලනය කරගැනීමට කළහැකි දේවල්...

  • දරුවා තුළ තමා ගැන ඇති  ආත්ම විශ්වාසය වැඩි කිරීම. 
  • තරහ ඇතිවන දෙයින් හෝ කෙනාගෙන් ඉවත් වීමට උපදෙස් දීම (මේය පුහුණු කළ යුතුය) 
  • මනස සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම පුහුණු කිරීම.
  • භාවනාවක නිරත වීමට පුරුදු කිරීම.
  • සංගීතයට සවන් දීමට හුරු කිරීම. 
  • චිත්‍ර ඇඳීමට යොමු කරවීම. 
  • සිත සන්සුන් වන ක්‍රියාවක නිරත කරවීම. 
  • ඇවිදිම වැනි ශාරීරික ක්‍රියාවන්හි නිරත කිරීම .
  • ක්‍රීඩාවල නිරත කිරීම. 
  • නිස්කලන්ක දැකුම්කළු ස්ථානයක් වෙත මනසින් යෑමට දරුවාව පුරුදු කිරීම. ( Imaginations)
  • කණ්ඩායම් ක්‍රියාකාරකම්. 
  • හානිකර නොදෙන ක්‍රියාවන්හි නිරත වීමට පුරුදු කිරීම. 
  • හොඳ වැඩ පොතක් ක්‍රියාත්මක කිරීම. ( Good Habit Book)

Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)


BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL


Facebook Page








Previous Post: (පෙර ලිපි :)



අධික්‍රියාකාරී දරුවන්ට උදව් කරමු