BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය)

Like Us on Facebook

Saturday, June 29, 2019


මොකක්ද මේ මියුටිසම්  කියන්නේ .....

(Mutism childhood anxiety disorder) 


මියුටිසම්, ළමා මානසික රෝග අතරින් අපි නොහිතන දරුවන්ට වැලදෙන තවත් රෝගී තත්ත්වයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. මියුටිසම් නමැති රෝගී තත්ත්වය බොහෝවිට හදුනාගැනීමට පුළුවන් වෙන්නේ වයස අවුරුදු 5 ත් 8 ත් අතර කාලයේදී. නමුත් සමහර දරුවන් වයස අවුරුදු 3 ත් 5 ත් අතර කාලයේදී මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එහෙත් එය සාමාන්‍ය තත්ත්වයක්, බොහෝ වෙලාවට මෙම රෝගී තත්ත්වය මුලින්ම සොයාගන්නේ පාසලේ ගුරුවරුන් විසින්. දරුවන් ලක්ෂයක් ගත්තොත් ඒ අතරින් එකසිය අසූවකට ම මේ රෝගී තත්ත්වය දකින්න පුළුවන්. 

මියුටිසම් වල ප්‍රධාන ලක්ෂණ නම්

  • ගෙදරදි හොඳින් කතා කරන දරුවා පාසලේ දී හෝ වෙනත් පිටස්තර ස්ථානයකදී කතා නොකිරීම.
  • සමහර අවස්ථාවලදී මෙම තත්වය අවුරුදු ගණනක්ම දරුවා තුළ තිබීමට හැකි වෙනවා.
  • අධික ලැජ්ජාව.
  • සමාජ හුදකලාව.
  • කණ්ඩායමක් ඉදිරියේ ලැජ්ජාවට බියට පත්වීම.
  • රැකබලා ගන්නන්ට ඇලී සිටීම.
  • කේන්තිය.
සෙනුල්යාට වයස අවුරුදු හයයි. ඇය කොළඹ ප්‍රධාන පාසලක ඉගෙන ගන්නවා. ඇය ඉතා සුරතල් දරුවෙක්. සෙනුල්යා අක්කයි නංගියි එක්ක ගෙදර සතුටින් සෙල්ලම් කරත්, පාසලේදී කතා කරන්නේ නෑ කියලා ගුරුතුමී පවසන කොට, සෙනුල්යා ගේ අම්මා හිතා ගන්නවත් බැරුව ගියා. පාසලේදී එයාට යාලුවෝ නැහැ, සෙල්ලම් කරන්නේ නැහැ, පැත්තකට වෙලා තමයි ඉන්නේ, ගුරුතුමී ප්‍රශ්නයක් ඇහුවම පිළිතුරු දෙන්නෙ නැතුව ඉන්නවාලු, සමහර අවස්ථාවලදී ඔළුව වනලා ඔලූවෙන් පිළිතුරු දෙනවලු, ගෙදර සතුටින් කෑගහන සෙල්ලම් කරන සෙනුල්යාගේ ඉදිරිපත් වීමේ හැකියාවද ඉතා අඩු බව ගුරුතුමී අම්මා පවසලා. මේ තත්ත්වය නිසා සෙනුල්යා ගේ දෙමව්පියන් ලොකු පීඩනයකට පත් වෙලා තමයි ආවේ.


මියුටිසම් දරුවෙකු හඳුනාගැනීම

  • හොඳින් කතා කරන දරුවෙක් සමහර අවස්ථාවලදී පමණක් කතා නොකිරීම නිසා දරුවාට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වීම.
  • මෙම කතා නොකිරීම මාසයක් පමණ පැවතීම.
  • බුද්ධිමය ලෙසින් දැනුමේ අඩුවක් නොතිබීම.
  • මෙම දරුවන් සමහර අවස්ථාවලදී සමහර  ස්ථානවලදී කතා කිරීම.
  • සමහර දරුවන් රාත්‍රියේදී නින්දෙන් මුත්‍රා පිටවීම (bed wetting).


මියුටිසම් දරුවෙක් වීමට බලපාන හේතු 


මෙම තත්ත්වයට නිශ්චිතවම හේතුවක් තවමත් සොයාගෙන නැතත්, මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු බලපාන බවයි.

  • බොහෝවිට ලැජ්ජාශීලී දරුවන්.
  • සමහර පෞර්ෂ භින්නතාවයන් නිසා.
  • කුඩා කාලයේදී දරුවෙකු තුල ඇතිවන පෞර්ෂ වර්ධනය බාල වීම.
  • දරුවන්ගේ ආතතීන් 
    • මව පියා අතර පවතින අඩදබර
    • මව පියා වෙන්වීම 
    • පියා විදෙස්ගත වීම
    • මව හෝ පියා මියයාම 


මියුටිසම් රෝගී තත්ත්වය නිසා දරුවන්ට සිදුවිය හැකි අවාසි 


  • අධ්‍යාපන කටයුතුවල පහත වැටීම.
  • යහළුවන් අඩුවීම.
  • ගුරුවරුන්ගේ විවේචනයට පීඩාවට ලක්වීම.
  • සමාජයෙන් කොන්වීම.
  • සමාජ භීතිකාව වැනි මානසික රෝගී තත්ත්වයන් ඇතිවීම.
මෙවැනි දරුවන්ගේ මානසික තත්ත්වය නිසි ලෙස හඳුනා නොගෙන, ඔවුන්ට දඬුවම් කිරීමට යාම නිසා දරුවා වෙනත් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකිය

කොහොමද මියුටිසම් තත්ත්වය නැති කරගන්නේ 

මෙහිදී දරුවා සිටින මානසික ආතතිය අවම කර ගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාරද ඇත. වැදගත්ම දේ නම් මවුපියන් හා ගුරුවරුන් මේ තත්වය ගැන දැනුවත් වීමයි. මියුටිසම් දරුවන් සඳහා යොදාගත හැකි හොඳම ප්‍රතිකාර ක්‍රමය නම් මනෝචිකිත්සක ක්‍රමයයි.

උපදේශනයේදී යොදා ගන්නා මනෝචිකිත්සක ක්‍රම


  • දරුවාගේ ආතතිය අවම කිරීම සඳහා කරන ක්‍රියාකාරකම්.
    • Art therapy.
    • music therapy.
    • dancing therapy. 
    • play therapy.

  • දරුවන් තුළ ඇති බය අඩු කිරීම සඳහා කරන ක්‍රියාකාරකම් 
    • උදා copping cat program

  • ආත්ම අභිමානය වර්ධනය කරන ක්‍රියාකාරකම් 

  • සමාජ කුසලතා වර්ධනය කිරීම

  • කණ්ඩායම් ප්‍රතිකාර ක්‍රමය (group therapy) 
  • Role plays 
  • මනස සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම (relaxation)
  •  Daily report 
  • හොඳ පුරුදු පොත (Good habit Book)
දරුවන් කියන්නේ අපේ සම්පතක් ඉතින් ඔබ ඔබේ දරුවා මෙන්ම අන් දරුවන් පිළිබඳව හොඳ අවධානයකින් සිටීම මගින් මෙවැනි දරුවන් හැඳින්වීමට හඳුනා ගැනීමට හැකිවෙනවා. නිවැරදි උපදේශන ක්‍රම සහ සඳහා යොමු කිරීම මගින් මෙවැනි දරුවන් මෙම මියුටිසම් තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකියාවක් ඇත.





Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)


 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL



Facebook Page

















No comments:

Post a Comment