ලෝක සෞක්ය් සංවිදානය පවසන්නේ පිරිමින්ට වඩා
කාන්තාවන් මෙම තත්වයට ගොදුරු වන බවයි.සෑම කාන්තාවන් හතර ද්දෙනෙකුගෙන් එක්
අයෙකු ද පිරිමි අට දෙනෙකුදෙන් එක අයෙක්ද
මේ තත්වයට ගොදුරු වන බවයි.මෙම මානසික අවපීඩනයට බලපාන ප්රදාන හේතුව වන්නේ කල්පවතින
ආතතියයි.මෙහි බරපතලම ගැටලුව නම් සියදිවි නසා ගැනීමයි.
සමාලි
අප වෙත යොමුවන විට ඇයද මෙම මානසික අවපීඩනය නිසා
සියදිවි නසා ගනීමේ තත්වයට පත්ව සිටියා .ඇයට වයස අවුරුදු 30 කි.ඇයට එ ක් දරුවෙකු සිටී.ඇ ගේ සැමියා පුද්ගලික ආයතනයක සේවය කරයි.ඔව්න්
විවාහ වී අවුරුදු 6කි.
සමාලි අප වෙත යොමුවන විට ඇය මෙවැනි
ගැටළු රැසකට මුහුණ දී සිටියා.
vපොඩි දෙයටත් තරහ යාම
vසැමියා සමග නිතර රණ්ඩුකිරීම.
vසැමියාව සැකකිරීම
vදරුවට නිතර බැන වැදීම
vහිසරදය
vනින්දනොයාම
vඇගට පණ නැතිකම
vඅමතකවීම
vහිතේ සතුටක් නොමැතිවීම
vලිංගික ආශාව අඩුවීම
vකෑම අරුචිය
vසෑම දෙයක් පිළිබදවම අසුබවාදී ලෙස සිතීම
vඇයට කවූරුත් ආදරය නැති බව හා කවුරුත් නැතිබව සිතීම
vජීවිතය නැති කර ගැනීමේ සිතුවිලි
මෙවැනි තත්වයකට බලපෑ හේතු සොයා
ගැනීමට අපි ඇය සමග තනියම කතා කලා .එවිට ඇයගේ කතාව අපිට මෙසේ පැවසුවා.
'මම පවුලේ එකම දරුවා ..මගේ අම්මයි තාත්තයි මට
හරිම ආදරෙයි .පුංචි කාලේ ඉදලම තාත්තා මට හරිම සමීපයි.එය මන් ගැන නිතරම හොයල
බලනවා.මම හැම දීම තාත්තා එක්ක කතා කරනවා .මගේ පුංචි වෙනසක් වූනෝත් ඒක එයාට දැනෙනවා.එතකොට තාත්තා ඒ ගැන මාත් එක්ක
කතාකරනවා .ඉතින් මම විවාහ වුනාමත් මගේ සැමියාගෙන් මන් බලාපොරොත්තු වුනේ මගේ තාත්තා
වගේ මන් ගැන නිතරම හොයල බලන ..මට ගොඩක් ආදරයෙන් ඉන්න කෙනෙක්..
එත් මගේ සැමියා එවිදිහට මම
බලාපොරොත්තු වුන කෙනා නෙවෙයි.එයාගේ මුළු ලෝකෙම අයගේ රැකියාව.ගෙදර හිට්යොත්
එයා නිතරම ඉන්නේ ටෙලි ෆොන්
එකේ ..එහෙම නැත්නම් පරිගනකයේ ..එයා එක්ක
කතා කරන්න බෑ ..එයාට හරිය තරහ යනවා
.එය මට ආදරෙන් කතා කරන්නේ නෑ ..මව අගයකරන්නේ නෑ ..මට කිසිම ආදරයක් එයාගෙන් දන්නේ
නෑ ..මට එය එක්ක ලිංගිකව එකතුවෙන්නත් කිසිම ආසාවක් එන්නේ නෑ..
එසේ දිගුකාලීනව පවතී මානසික ආතතිය
නිසා මානසික අවපීඩනය නම් වූ රෝගී තත්වයට
ඇය ගොදුරු වී ඇත.
සමාලි
පතසිටි මෙම මානසික අවපීඩන තත්වයට අප
සමාජයේ බොහෝ දෙනෙකු පත්ව සිටී. නමුත් එය රෝගී තත්වයක් බව බොහෝ දෙනෙක් නොදනී.
ඒ ගැන
නොසලකා හැරීම නිසා කරදර රාශියක මුණ දීමට සිදුවෙනවා මෙන්ම අවසනයේ සියදිවි නසා
ගැනීමට පවා යොමුවෙයි.
vමත් පැන් පානය
vසබදතා බිදවැටීම්
vදික්කසාදය
vආර්ථික ගැටළු
vලිංගික ගැටළු
vරැකියා අහිමිවීම්
vකාන්තාවකට
අවරුදු 14 අඩු දරුවන් 3 ක් සිටීම
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්
ඉක්මනින්ම මානසික අවපීඩනයන්ට
ගොදුරුවන වීමට බලපාන ප්රධාන
හේතුවනම් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ
සිදුවන හෝමෝන වෙනස් වීමයි.එනම්
vමාසික
ඔසප්වීම
vදරුප්රසූතිය
vආර්තවහරණය
(මාසික ඔසප්වීම් නතරවීම )
vමානසික
අවපීඩනය හදුනාගැනීම
ඔබේ
මුහුණෙන් ඔබ දුකින් සිටින බව පෙන්නුම් කිරීම
නිතර
අගට පන නැතිබව දැනීම
පෙර අසාවෙන් කල දේවල් කිරීමට නොසිතීම
උදා : රූපවාහිනි වැඩ සටහන් නැරබීම
vනිතර අමතකවීම
vහිසරදය
vකේන්තියාම
vනින්දේ ගැටළු (පාන්දර 2-3 ඇහැරීම)
vදවාලට නිදිමත
vකෑමට තිබෙන ආශාව අඩුවීම හෝ කලාතුරකින් වැඩිපුර කෑම ගැනීම
vනිතර කල්පනා කිරීම
v දුක කලකිරීම
vනිතර අසුබවාදී සිතුවිලි ඇතිවීම
vලිංගික ආශාව ඇතිවීම
vතම සහකාරිය හො සහකරු ගැන සැක කිරීම
vසියදිවී හානිකරගැනීමේ සිතුවිලි
මෙහිදී මානසික අවපීඩනයට පත් වූ පුදගලයාගේ මානසිකත්වය හොදින් තේරුම් ගත යුතුය.සමාලි වගේම ඇගේ සැමියාද උපදේෂණ වාර සදහා සහබාගී වී ම මගින් ඇය ගොදුරු වී සිටි මානසික අවපීඩන තත්වයෙන් මුදවා ගැනීමට හැකිවුණා.
සියදිවි නසා ගැනීමට ප්රධාන හේතුව
මානසික අවපීඩනයයි.මානසික අවපීඩනය ඉතා සාර්ථක ලෙස සුවකරගත හැකි රෝගයකි.
Inoka Edrisinghe (Counselling Psychologist)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)
Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)
Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)
Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)
MediHelp Hospitals Kaleniya (Visiting Consultant 2022 – Present)
Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)
WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)
Sri Lanka National secretariat for early childhood development's resource Pool
Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present
Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)
BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)
Facebook Link
Previous Post
ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression
සමාජ භීතිකාව හෙවත් social Anxiety
පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය
නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය - Schizophrenia
godak hoda karunu tikak, apita manasika awapeedanaya balapana hati me video ake thiyanawa https://www.youtube.com/watch?v=UdMhJeItID4
ReplyDeleteනියමයි!! කාන්සාව සහ මානසික අවපීඩනය අතර වෙනස දන්නවද https://www.youtube.com/watch?v=v17iNaWzFA0
ReplyDeleteMatath ekak dekak arenna me hama ekakma thiyenawa 😓😓😓
ReplyDelete