දැඩි වේදනාව නිසා ප්‍රතික්ෂේප කරන ලිංගික සංසර්ගය
ලසන්ත අප සමග කිව්ව දේ....
"මම ලසන්තට හරිම ආදරෙයි. එයා ගොඩාක් හොඳ කෙනෙක්. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මට ලිංගිකව එකතුවෙන්න හදනකොට ලොකු බයක් එනවා. මට හිතෙන්නේ ලොකු වේදනාවක් මට දැනෙයි කියල."
"මම පවුලේ එකම ගෑනු ළමයා. මට අයියලා දෙන්නෙක් හිටිය. මේ නිසා එයාලා හරියට මාව පරිස්සම් කලා. මොකද අම්මා නිතරම කිව්වෙ ගෑණු ළමයි බිඳෙන වීදුරු බඩු වගේ කියලයි. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕනේ කියලා තමයි අම්මා කිව්වේ. මේ නිසා මට ගොඩක් යාළුවො ආශ්‍රය කරන්න ලැබුනෙත් නැහැ. මම A/L කරන කොට තමයි මට යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණේ. දවසක් අපි කතාකරමින් ඉන්නකොට එයාලා කිව්වා ප්‍රථම ලිංගික එකතු වීමේදී ලොකු වේදනාවක් ඇතිවෙනවා කියලා. ඒ වගේම ලේ පිටවීමක් වෙනවා කියලත් එයාලා කිව්වා. මේක අහපු වෙලාවෙ මට හරිම බයක් දැනුණා. එදා ඉඳලා මම හරිම බයෙන් හිටියේ ලිංගිකව එකතු වෙන්න. ඒ බය නිසා තමයි මං ලසන්තට කොයි තරම් ආදරේ කරත් එයා එක්ක ලිංගිකව එකතු වෙන්න අකමැති. "
මෙම තත්වයට හේතු ලෙස, කුඩා කාලයේදී ලිංගික අපයෝජනවලට ලක් වීම , ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුවීම, ලිංගිකත්වය ගැන ඇති මිත්‍යා විශ්වාස ආදිය බලපානවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපාන තවත් හේතුවක් තමයි දරු ප්‍රසූතිය. ඒ කියන්නේ පළවෙනි දරු ප්‍රසූතිය ඉතා වේදනාකාරී නම් එවැනි කාන්තාවන් නැවත ගැබ් ගැනීමක් හෝ දරු ප්‍රසූතියකට බය වෙනවා. ඒ බය නිසා ඇය ආයෙත් දරුවෙක් හදන්න බයයි. මේ නිසා ලිංගික සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා. මීට හේතුව ද ඇයට ඇතිවන බයයි. මෙවැනි ගැටලු ඇති කාන්තාවන් අප සමාජයේ බොහොමයක් සිටියත්, ලැජ්ජාව නිසා එයාලා එම ගැටලු ගැන කතා කරන්න අකමැති වෙනවා. තවත් සමහරුන් ශල්‍යකර්ම වලටත් යොමු වෙනවා. නමුත් මෙය කායික ගැටලුවක් නම් නොවෙයි. මනෝවිද්‍යාත්මක ක්‍රම මගින් මෙම ගැටළුව මගහරවා ගැනීමට හැකි වන බව බොහෝදෙනා නොදන්නා කරුණක්. මේ නිසාම මානසික අවපීඩනය පවුල් ආරවුල් මෙන්ම දික්කසාදය ටත් හේතු වෙනවා.
උපදේශනයෙන් පසු ඔවුන් දැන් ඔවුන්ගේ ගැටලුවෙන් මිදී සතුටින් ගත කරනවා. මෙවැනි ගැටලුකාරී තත්වයක් ඔබට හෝ ඔබ දන්නා අයකුට ඇත්නම්, ඔවුන්ට මෙම පීඩනයෙන් ඈත්වීම සඳහා නිවැරදි මනෝවිද්‍යාත්මක උපදේශනයකට යොමු කරන්න.
මීට අදාල පර ලිපිය : ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)
Inoka Edrisinghe (Counselling Psychologist)Bsc Psy. & Con. (IND)HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)SLPPCA Reg. No. 222
Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)
Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)
Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)
Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)
MediHelp Hospitals Kaleniya (Visiting Consultant 2022 – Present)
Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)
WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)
Sri Lanka National secretariat for early childhood development's resource Pool
Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present
Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)
BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)
BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)
# No. 10/1 Hill Street,
Housing Scheme, Kiribathgoda, Sri Lanka.
Contact No : +94 -77-087-7759
Web : www.betterlifesl.com
Facebook : www.facebook.com/betterLifeinSL
Facebook Page |
ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)
OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය
No comments:
Post a Comment