BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය): මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)

Like Us on Facebook

Monday, October 29, 2018

මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)




අලියන්ට ළමයින්ට දගලන්ටමයි හිත.. ඕනෑම  දරුවෙක්  දගකාරයි.දගකාරකම කියන්නේ නිරෝගීකමේ ලක්ෂණයක්.නමුත් අසාමාන්‍ය ලෙස ඔබේ දරුවා දගකාරනම් එය අසනීප තත්ත්වක් කියලා ඔබ දන්නවද ?මේ අසමාන්‍ය  දගකාරකම වෛද්‍ය විද්‍යාවේදී හදුනාගෙන තියෙන්නේ අසනීප තත්වයක් කියලයි.අධික්‍රියාකාරී හෙවත් ADHD කියල මෙම අසනීප තත්වය හදුන්වනවා. Attention Deficit Hyperactive Disorder කියල හදුන්වන්නෙත් මේ අසනීපයම තමයි.

මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරී දරුවන් 5% අපි අතරේ සිටිති .
මෙය දරුවාගේ වරදක් නෙවේ.

දෙමාපියන්ගේ වරදක් නිසා එසේ නැතිනම් දෙමව්පියන්ගේ හැසිරීම් රටාවල සිදුවන අඩුපාඩුවක් නිසා සිදු නොවන දෙයකි.මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරීත්වයට හේතුව මොළයේ රසායනික වෙනස් වීමකි.
ADHD  කියන්නේ මොකක්ද?

මොළයේ සිදුවන  රසායනික ද්‍රව්‍යන්ගේ  වෙනස්වීමක් නිසා මෙම තත්වය ඇතිවෙන බව මනෝ වෛද්‍යවරු පවසයි. මේ නිසා දරුවන්ගේ හැසිරීම් හා සිතුවිලි පාලනය කරන මධ්‍යස්ථානය නිසි ලෙස ක්‍රියාකාරී නොවේ.
 
ADHD වල ලක්ෂණ මොනවද?

1.ඌණ අවධානය
2. අධි ක්‍රියාකාරීත්වය
3.ආවේගශීලිබව 
ADHD නැතිනම්  අධි ක්‍රියාකාරී දරුවෙකු හදුනාගන්නේ කෙසේද?
  • එක තැනක විනාඩි 05ක්වත් ඉන්න බැරිකම.
  • අවදානය නොමැතිවීම
  • ආවේගශීලිබව.
  • අවදානම් වැඩ කිරීම.
  •  තරහ පාලනය කරගැනීමට නොහැකිවීම
  • නිතර ප්‍රශ්න ඇසීම.
  • තේරුමක් නැතිව කතා කිරීම.
  • ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.
  • කකුල් වේගයෙන් සෙලවීම.
  • වැඩක් දුන් විට අවසන්වනතුරු කිරීමට නොහැකිවීම.
  • පාසල් පණිවිඩ රැගෙන නොඑම.
  • සටහන් වල ඉස්පිලි පාපිලි අඩුවීම.
  • පොත් වල සටහන් අසම්පූරණ වීම.
  • පංතියේ ඇවිදීම .
  • තමාගේ පාසල් උපකරණ නිතර අමතක කර පැමිණීම හෝ නැතිකරගැනීම .
  • කිසිම තේරුමක් නැතිව දිවීම.
  • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
  • අනෙක් අයට බාධා කිරීම.
  • කණ්ඩායමක් සමග සහයෝගයෙන් වැඩකිරීමට අපහසුවීම .
  • ඔහුගේ අවස්ථාව එනතුරු සිටීමට නොහැකි වීම.
ADHD දරුවෙකුනිසා දෙමාපියන්හට ඇතිවන බලපෑම් 
  • දරුවාගේ හැසිරීම් නිසා මානසික අවපීඩනයට පත්වීම
  • පාසල් වැඩ කිරීමට දරුවා යොමු කරවා ගැනීමට අපහසුවීම
  • දරුවා සමග වැඩ කිරීමේදී ඔහුට තරහ යාම නිසා ඇතිවන  ගැටළු
  • ගුරුවරුන් නිතරම දරුවා ගැන  පැමිණිලි කිරීම නිසා පීඩනයට පත්වීම
  • අවදානය අඩු කම නිසා ලකුණු මට්‌ටම මෙන්ම අධ්‍යාපනයට උනන්දුව අඩුවීම නිසා පීඩාවට පත්වීම
  • පිරිසක් ඉදිරියේදී දරුවා සිදුකරන දගකාරී හැසිරීම් නිසා අපහසුතාවයට පත්වීම
ADHD ඇතිවීමට බලපාන හේතු

  • බොහෝවිට ජාන මගින්
  • මොළයේ  සිදුවන රසායනික වෙනස්කම්
  • දරුවා ලැබීමට සිටන කාලයේදී මව දුකින් කලකිරීමෙන් හෝ මානසික අවපීඩන තත්වයෙන් සිටීම
  • හිසට සිදුවන අනතුරු
  • දරුවාගේ උපත්බර  අඩුවීම
  • මත් ද්‍රව්‍ය වලට යොමු වී ඇති දෙමාපියන්ගේ දරුවන්
  • දරුවාගේ මොළයේ pre frontal කොටසට හානීවීම
  • ඇතැම් වෛරස් අසාදන නිසා
  • නොමේරූ දරුවන් හා ස්නායු පද්ධතියට ඇතිවන  අසාදන 

ADHD නැතිනම්  අධි ක්‍රියාකාරීත්වය කියන්නේ  අසනීපතත්වයක් බැවින් දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා ළමා වියේදීම හදුනා ගැනීමත් ඒ සදහා සුදුසු පිළියම් යෙදීමත් වැඩිහිටියන් වන අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමකි.අධික්‍රියාකාරී තත්වය පත් වූ දරුවෙකුට ඖෂධ ලබාදීම මගින් මෙම තත්වය පාලනය කල හැකිය.මෙවැනි දරුවන්ගේ අවදානය මෙන්ම හැසිරීම් රටා පුහුණු කිරීම සදහා එවැනි දරුවන් වෙනුවෙන්ම විශේෂිත පුහුණුවක් ලැබූ ගුරුවරයෙක් හෝ මනෝඋපදේශකයකු යටතේ පුහුනුවට යොමු කිරීම මගින් එම ගැටළු අවම කරගැනීමට හැකිය.



Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)

 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL




Facebook Page








ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression

සමාජ භීතිකාව හෙවත් social Anxiety

පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය

නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය - Schizophrenia

9 comments:

  1. අධික්‍රියාකාරී දරුවෙක්හඳුනාගන්න පුලුවන් වයස කීයෙන් විතර ද ? මගෙ පුතා ට අවුරුදු 2. එයාට ඔය වගේ ලක්ෂණ තියනවානෙ .

    ReplyDelete
  2. අධික්‍රියාකාරී දරුවෙක්හඳුනාගන්න පුලුවන් වයස කීයෙන් විතර ද ? මගෙ පුතා ට අවුරුදු 2. එයාට ඔය වගේ ලක්ෂණ තියනවානෙ .

    ReplyDelete
    Replies
    1. අධික්‍රියාකාරි දරුවෙකු හඳුනාගන්ෙන සාමාන්‍යයෙන් වයස අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු තුනත් හයත් අතර කාල වලදී ඒ ADHD රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා

      Delete
  3. අධික්‍රියාකාරි දරුවෙකු හඳුනාගන්ෙන සාමාන්‍යයෙන් වයස අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු තුනත් හයත් අතර කාල වලදී ඒ ADHD රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා

    ReplyDelete
  4. අධි ක්රියාකාරීත්වය සම්පූර්ණ වශයෙන් සුව කල හැකිද?

    ReplyDelete
  5. ඉහත අංක වැඩ කරන්නේ නැ. කරුනා කරලා අලුත් අංකයක් ලබා දෙන්න

    ReplyDelete