BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය): “ඔටිසම්” ගැන දැනගනිමු

Like Us on Facebook

Thursday, June 6, 2019

“ඔටිසම්” ගැන දැනගනිමු

ඔටිසම් (Autism) - ගැන දැනගනිමු




Related image



අපි ලෝකෙ තේරුම් ගන්නේ අප පංච ඉන්ද්‍රියන්ගෙන් එන තොරතුරු හරහායි. හිතන්න.... බැරි වෙලාවත් අපේ මොලේ අක්‍රමිකතාවක් ඇති උනොත් මොනා වෙයිද කියලා..... එහෙම අක්‍රමිකතාවයක් ඇති වුණොත් අපේ මොලේට තොරතුරු යන්නේ වැරදි ලෙසටයි. ඔටිසම් තත්වයේ දී  සිදුවන්නෙත් මේ දේමයි. මේ  අක්‍රමවත් බව නිසා විශේෂයෙන් සන්නිවේදනයට, චර්යාවන්ට මෙන්ම අන්තර් ක්‍රියාවන් සඳහා බලපානවා.


ඉතින් මොකක්ද මේ ඔටිසම් කියන්නේ?


1943 වසරේදී වෛද්‍ය ලියෝ කැතර් මහතා විසින් සෙමින් මනස වැඩෙන දරුවන් ලෙස හඳුනාගෙන තිබුණු දරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමේදී තමයි මේ ඔටිසම් කියන තත්ත්වය පළමු වරට හඳුනා ගනු ලැබුවේ.

  • ඔටිසම් දරුවන්ගේ මොලය අසාමාන්‍ය වර්ධන විලාශයක් දැනට ලෝකයේ වැඩි වෙන ප්‍රවණතාවයක් සහිත වර්ධන තත්ත්වයකින් එකක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තියෙනවා.
  • ලෝකයේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් 1% ක් පමණ සිටිනව කියලයි කියන්නේ.
  • මේ වන විට ඇමරිකාවේ මෙම ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් 1.68 ක් ද
  • ශ්‍රී ලංකාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් 1.93 සිටිනබව පරීක්ෂණ මගින් සනාථ කර ඇත.
  • ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් මෙම ඔටිසම් තත්වය ට පත් වීමේ ඇති අවදානම ඉහළ මට්ටමක පවතිනවා. එය පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් අතර 3.59 අනුපාතයක් ලෙස හදුනාගෙන තියෙනවා.
  • ලංකාවේ වසරකට උපදින දරුවන් 375,000 ගේන් 3,750 ක මෙම තත්ත්වය ඇති බව මේ වන විට සොයාගෙන තියෙනවා.
  • 2020 වන විට මෙම ඔටිසම් තත්වය 50% කින් පමණ වැඩි වෙන බව මේ වනවිට අනුමාන කරලා තියෙනවා.

ටිසම් රෝගයේ ප්‍රධාන ලක්ෂණ


  1. සමාජ කුසලතා අඩුවීම - (Lack of social skills )
  2. සංනිවේදන කුසලතා අඩුවීම - (Lack of communication skills)
  3. නැවත නැවත සිදු කරන හැසිරීම් රටා -(Repetitive behavior patterns)

සමාජ කුසලතා අඩු වීමේ ගැටළු





  • තමා වටා සිටින අය සමග මිත්‍ර වීමට මිත්‍ර වීමට නො තේරීම
  • තමා වටා සිටින අය සමග මිත්‍ර වීමට මිත්‍ර වීමට නො තේරීම
  • තනි ව සෙල්ලම් කිරීමට ඇති නොහැකියාව
  • අධි ක්‍රියාකාරිත්වය
  • කතා කිරීම අඩුවීම හෝ කතා නොකිරීම
  • අවධානම් තත්ත්වයන් ගැන ඇති නොසැලකිල්ල
  • යම් දෙයකට ඇති දැඩි කැමැත්ත හෝ අකමැත්ත
  • හේතු නොමැති ව සිනාසීම හෝ ඇඬීම
  • එදිනෙදා ඇති දින චර්යාවෙන්මිදී මට ඇති අකමැත්ත
  • සෙල්ලම් කිරීමේදී වයසට නොගැළපෙන ස්වරූපය
  • අන් අය සමඟ තමාගේ දේවල් බෙදා ගැනීමට ඇති අකමැත්ත
  • ඔවුන්ට දැනෙන හැඟීම් හඳුනා ගැනීමට අපහසු වීම
  • අන් අය කතා කරන දෙයට ඇහුම්කන් නොදීම
  • ඒ අන් අය අනුකරණය කිරීමට ඇති නොහැකියාව
  • සුරතල් කිරීම ඇල්ලීම හෝ වඩා ගැනීම ප්‍රතික්ෂේප කිරීම



සන්නිවේදන කුසලතා වල ගැටලු (signs of non 


- verbal communication difficulties)

  • ඇසට ඇස බලා කතා කිරීමට අපහසු වීම (poor eye contact)
  • දරුවාට පවසන දේ තේරුම් ගැනීමේ අපහසුව
  • අන් අයගේ හැඟීම් ප්‍රකාශ, නියෝග හඳුනා ගැනීමට හා වටහා ගැනීමට අපහසු වීම
  • යම් දෙයකට ඇඟිල්ල දික්කර පෙන්වූ විට ඒ දෙස බැලීමේ අපහසුව
  • පුද්ගලයන්ට, පිංතූරවලට, සුවඳට, හෝ ශබ්ද වලට ඇති බය - උදාහරණ එවිට ඔවුන් හයියෙන් කෑ ගසයි
  • ඇඟිලි තුඩු වලින් තුඩුවලින් ඇවිදීම
  • අධි ක්‍රියාකාරි ලක්ෂණ

Signs of Inflexibility


  • එකම දින චර්යාවන්ට හුරුවීම
  • වෙනත් පාරිසරික තත්ත්වයන්ට මුහුණ දීමේ නොහැකියාව
  • තෝරාගත් සෙල්ලම් බඩු හා විවිධ ද්‍රව්‍ය සඳහා ඇති දැඩි කැමැත්ත හෝ අකමැත්ත
  • සෙල්ලම් බඩු පේළියට තබා සෑදීම
  • කැරකෙන දේවල් දෙස බලා සිටීමේ ඇති ආසාව
  • නැවත නැවත සිදු කරන ක්‍රියා

කථන සහ භාෂා ලක්ෂණ අපහසුතා - (Signs of Speech and language Difficulties)

  • සන්නිවේදනය කිරීමට නො හැකි වීම
  • භාෂාව නිවැරදි ලෙස පැවසීමට ඇති නොහැකියාව
  • අසාමාන්‍ය ලෙස ඇති කරන ශබ්ද රටා Ex: ආ..බා...ටා...
  • ප්‍රශ්නයක් ඇසූූ විට පිළිතුරු නොදී එම ප්‍රශ්නයම නැවත ඇසීම
  • එකම දේ නැවත නැවත පැවසීම
  • විධාන හෝ ප්‍රශ්න නොතේරීම


ඔටිසම්  තත්ත්වයෙන් යුතු  දරුවන් හඳුනාගන්නේ

 කෙසේද?


රතු සංඥා සලකුණු (Red Flag Signs)

  • එනම් මුල් අවධියේ දී සැළකිල්ලට ගත යුතු ලක්ෂණයි
  • මාස 12ක් වන විට දරුවා කතා කිරීමේ / බහ තේරීමේ ප්‍රමාදයක් වීම
  • මාස 12 වන විට දරුවා ඇඟිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම
  • මාස 16 වන විට දරුවා තනි වචන නොපැවසීම
  • මාස 24 වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම
  • දරුවාට කතා කරන විට නොඇසුණා සේ සිටීම
  • දරුවාගේ වර්ධන කුසලතා නැතිවී යාම


ඔටිසම් තත්වයේ හා බැඳුණ තවත් රෝග හා ලක්ෂණ 


  • ඉගෙනුම් දුර්වලතා
  • කතා කිරීම ප්‍රමාද වීම
  • ග්‍රස්තිය (OCD)
  • අධි ක්‍රියාකාරීත්වය (ADHD)
  • මානසික අවපීඩනය
  • ප්‍රතිචාර නොදැක්වීම
  • තනිව සෙල්ලම් කිරීම
  • නින්දේ ගැටලු
  • අපස්මාරය (epilepsy)
  • සුරතල් කිරීම ප්‍රතික්ෂේප කිරීම

ඔටිසම් තත්වය සදහා බලපාන හේතු 



  • වර්ණදේහ වල විකෘතිතා 
  • නොමේරූ දරු උපත්

  • දරුවන් ලැබෙන්න සිටින කාලයේ මවට වැළදෙන සමහර රෝග

  • අඩු බර දරුවන්

  • දරුවන් ලැබීමට සිටින කාලයේ මව විසින් ගන්නා ලබන සමහර ඖෂධ වර්ග

  • මව හා පියාගේ වයස

  • මදසරු භාවයෙන් හැදෙන දරුවන්

ඔටිසම් සදහා ප්‍රතිකාර ක්‍රම 





  • Behavioral Therapy
  • Communication Therapy
  • Music Therapy
  • Speech Therapy
  • Occupational therapy
  • Applied Behavior Analysis (ABA)
  • Relationship Development Intervention (RDI)
  • Discrete Trial Training (DTT)
  • Social Skills Class
  • Picture Exchange Communication System (PECS)



Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)


 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL



Facebook Page
















No comments:

Post a Comment