- අධික්‍රියාකාරීත්වය යනු දරුවන් අතර ඇති සුලභම ළමා රෝගයකි.
- දරුවාගේ මොළයේ සිදුවන රසායනික වෙනස්කමක් හේතුවෙන් මෙම වේගවත් හා ක්‍රියාකාරීත්වය ඇතිවෙයි.
- මේ දරුවාගේ වරදක් නොවේ.
අධික්රියාකාරී දරුවන් ට.......
- පංතිකාමරයේ ඇවිදීම.
- ගුරුවරයා කියන දේ ඇහුම්කන් නොදීම.
- අමතක වීම.
- ඉස්පිලි පාපිලි අඩුවීම.
- පොත්වල සටහන් අසම්පූර්ණ වීම.
2). අධිකව පවතින දඟකාරී බව.
- ඔවුන් ඔවුන්ගේ හැසිරීම් හා හැඟීම් නිසිලෙස පාලනය කිරීමට ඔවුන්ට අපහසු වේ.
- එමනිසා තරහ ගනී.
3). ආවේගශීලී බව
- තරහ පාලනය කර ගැනීමට අපහසු නිසා ඔවුන් ඔවුන්ට සිතූ සිතූ දේ මෙන්ම තමාට අවශ්‍ය දේ ම කර ගැනීමට උත්සාහ කරයි.
- අවදානම් වැඩ කරයි.
- එම නිසාම නිතරම අනතුරුවලට මුහුණ දෙයි.
- පිළිවෙලකට වැඩක් නිම කර ගැනීමට අපහසුය.
අධි ක්‍රියාකාරීත්වයට නිසි ප්‍රතිකාර නොකළහොත්....
- ලකුණු ක්‍රමයෙන් අඩුවෙයි.
- ඉගෙනීම් අඩාල වීම.
- ආත්ම විශ්වාසය බිඳී යාම.
- පෞරුෂ භින්නතා ගැටලු ඇති වීම.
- හැකියාවන් කුසලතාවන් වැඩිදියුණු නොවීම.
- අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට අපහසු වීම.
- කලහකාරී වීම.
- සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම.
- මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම.
- විවිධ මානසික රෝගයන්ට ගොදුරු වීම.
අධික්රියාකාරී දරුවෙකු හට ගෙදරදී කල හැකි ක්‍රියාකාරකම්.
- වගකීම් භාර දීම
- නිතර දරුවාව අගය කිරීම
- අවධානය වැඩි කිරීමේ ක්‍රියාකාරකම් (Ex. music therapy, dancing therapy )
- දරුවාගේ ක්‍රීඩාවක නිරත කිරීම
- දරුවාට නිතර human touch ලබාදීම දරුවාගේ (Ex.හිස අතගෑම, පිටට තට්ටු කිරීම, දැනෙන්නට ආදරේ කිරීම)
- වැඩි අවධානයක් දරුවා වෙත ලබාදීම
- දරුවාගේ හැසිරීම් රටා ගැන නිතරම ගුරුතුමිය සමග කතා කිරීම
- දරුවාගේ ප්‍රගතිය ගැන දැනගැනීම
- පාඩම් වැඩ වලදී දරුවන්ට කුඩා කොටස් වලට කඩා පාඩම් වැඩ කියාදීම.
- දරුවා කාල සටහනකට පුරුදු කිරීම.
- දරුවාගේ වැරදි හැසිරීම් රටා අවම කරගැනීමට Daily report භාවිතා කිරීම.
- සතියකට වරක්වත් දරුවාගේ හැසිරීම් අගයකර තෑගයක් ලබාදීම
පන්ති කාමරය තුලදී අධික්රියාකාරී දරුවෙකුට උදව්කල හැකි ආකාරය.
- ගුරු මේසය අසලම දරුවා තබා ගැනීම.
- දොරජනෙල් අතර දරුවා තබා නොගැනීම.
- කළු ලෑල්ලට මුහුණලා දරුවාව තබාගැනීම.
- දරුවා දෙපසින් විනයගරුක දරුවන් හිඳුවීම.
- පාඩම් අතරවාරයේ දී නිතරම දරුවාගේ නම කියා ඔහුගේ අවධානය යොදවා ගැනීම.
- පැවරුම් වැඩ පියවර වලට කඩා දීම.
- දුන් පැවරුම ගැන දරුවාට කිහිපවිටක් පැහැදිලි කර දීම හා ඒය ඔහුට හොඳින් වැටහුණා දැයි සොයා බැලීම.
- දරුවා සමඟ නිතර ඇස්වලින් සම්බන්ධවීම.
- පණිවිඩ පැවසීමේදී දීර්ඝ නොවන කෙටි පණිවිඩ ලබාදීම.
- පන්තියේ වගකීම් ලබා දීම.
- පණිවිඩ යැවීම
- ඉටු කිරීමට ඇති කාර්යයක් ලබාදීම.
- නායකත්වය ලබා දීම.
- පන්ති කාමරය නිසි ලෙස සැකසීම.
- පුටු මේස පිළිවෙළට තබා ගැනීමට උදව් ලබාගැනීම වැනි කටයුතු පැවරීම.
- හොඳින් වගකීම් ඉටුකළ විට අගය කිරීම.
- විශේෂයෙන්ම අන් දරුවන් ඉදිරියේ අගය කිරීම, ඔහුට අත්පොලසන් නාදයක් ලබාදීම.
- වැඩක් අවසන් වූ පසු දරුවාව අමතර වැඩක නිරත වීම.
- උදාහරණ අත්වැඩ, පාට කිරීම්, පොත් කියවීම,
- ආවේගශීලී ක්‍රියාවලදී ගුරුතුමී තරහ නොගැනීම.
- දරුවාගේ නරක හැසිරීම් ගැන ගුරුතුමිය දුක් වන බව හා අසතුටට පත් වන බව ඔහුට දැනෙන්නට හැරීම.
- එක දිගට වාඩි කරවා නොතැබීම.
- උදාහරණ කළුලෑල්ල මැකීම, පොත් එකතුකකිරීම, පොත් බෙදා දීම.
- දරුවාගේ වැරදි හැසිරීම් රටා අවම කරගැනීමට Daily Report එකක් භාවිතා කිරීම. (Ex.Stars, Smile Face)
- සතියකට වරක් දරුවාගේ හැසිරීම් අගේ කර තෑගයක් ලබාදීම.
- කායික දඬුවම් ලබා නොදීම.
- දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් රටාවල දී ඔහුව time-out කිරීම. (දරුවා සන්සුන් වන තෙක් පන්තිකාමරයේ පැත්තකට කර සිටුවා තැබීම)
Inoka Edrisinghe (Counselling Psychologist)Bsc Psy. & Con. (IND)HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)SLPPCA Reg. No. 222
Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)
Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)
Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)
Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)
MediHelp Hospitals Kaleniya (Visiting Consultant 2022 – Present)
Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)
WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)
Sri Lanka National secretariat for early childhood development's resource Pool
Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present
Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)
BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)
BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානය)
# No. 10/1 Hill Street,
Housing Scheme, Kiribathgoda, Sri Lanka.
Contact No : +94 -77-087-7759
Web : www.betterlifesl.com
Facebook : www.facebook.com/betterLifeinSL
Facebook Page |
ලිංගික ආශාව අඩු කරන අමිහිරි මතකයන් (hypoactive sexual desire disorder)
ලිංගික ජීවිතේ ගැටලු විවහ ජීවිතයට බලපාන අයුරු (Sexual Performance Anxiety)
ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)
OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය