BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය): November 2018

Like Us on Facebook

Saturday, November 24, 2018

ලිංගික ආශාව අඩු කරන අමිහිරි මතකයන් (hypoactive sexual desire disorder)

ළමා කාලය කියන්නෙ හරිම සුන්දර කාලයක්.. එසේ වුවොත් එම සුන්දර කාලේ අපි හැමෝටම අත් විදින්න ලැබෙන්නෙ නැහැ. ඒ අප ලබන සමහර අමිහිරි අත්දැකීම් නිසා .ළමා කාලයේදී ලිංගික අපයෝජනයට ලක්වීම නිසා මේ සුන්දර මතකයන් අපගෙන් ගිලිහී යනවා වගේම අපේ ජීවිත අඳුරු කරනවා.

කුඩා කාලයේදී දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්වූ විට එයින් දරුවාගේ මනසට ඇතිවන බලපෑම මුළු ජීවිතයම අඳුරු වීමට බලපානවා. මේ විදිහට කුඩා කාලයේදී ලිංගික අපයෝජනයට ලක්වීම නිසා කායික මෙන්ම මානසික වශයෙන්ද ගැටළු වලට මුහුණ පෑමට සිදු වෙනවා. එහිදී මුහුණ දීමට සිදුවෙන ප්‍රධානතම ගැටළු නම්

1. ලිංගික සිහින අඩු වීම හා ලිංගික ආශාව අඩුවීම( hypoactive sexual desire disorder)

දිලිනිගෙ වයස  අවුරුදු 26යි. ඇය විවාහ වෙලා දැනට අවුරුද්දක කාලයක් ගත වුවත්, මේ වන විට ඇගේ විවාහ ජීවිතයේ ගැටළු නිසා ඇය දැඩි පීඩා විදිමින් සිටියා. ඇයට පවතින හිසේ කැක්කුම සඳහා වෛද්‍යවරුන් කීපදෙනෙකුගෙන් බෙහෙත් ගත්තත් කිසි අඩුවක් වෙලා තිබුනෙ නැහැ. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයට මිග්‍රේන් ඇති බවයි. ඇය නිතරම  තරහින් හා ඍණාත්මක සිතිවිලි සිටීමත් ලිංගිකව එකතු වීම් වලට කිසිම ආසාවක් දක්වන්නෙ නෑ කියලා තමයි ඇගේ සැමියා වන තුෂාර පවසා සිටියේ..

" අපි විවාහ වුණේ යෝජනාවකින්. ඒත් දැන් නම් මට දිලිනි එපාවෙලා තියෙන්නේ. දිලිනිට කිසිම ලිංගික ආසාවක් නැහැ .එයා කියන්නේ ලිංගිකව එකතු වෙන්න තියා ඒ ගැන කතාකරන්නවත් කැමති නෑ කියලයි. හරියට තරහ යනවා හැමදේ ගැනම එයා හිතන්නේ සෘණාත්මක ඍණාත්මක. කිසිම දෙයකට එයාට ආසාවක් නැහැ .ගෙදර වැඩ වත් පිළිවෙලකට කරගන්න  බැහැ" .

 තුෂාර කී කතාවෙන් පස්සේ දිලිනි පැවසුවේ මෙන්න මේ විදියට...

"තුෂාර හරිම හොඳ කෙනෙක් .එයා මට හරිම ආදරෙයි .ඒත් මට තේරෙන්නේ නෑ ඇයි මට එයාව එපා වෙන්නෙ කියලා. මං දන්නවා ..මන් නිසා තුෂාරට ලොකු අසාධාරණයක් වෙනවා කියලා. මොකද එයා ආසයි මාත් එක්ක ලිංගිකව එකතු වෙන්න . ඒත් මට ඒ දේවල් වලට ආසාවක් නැහැ. එයා ගැන දුක හිතෙන නිසා තමයි එයාට ඕන නිසා මං එයා එක්ක ලිංගිකව එකතු වෙන්නෙත්. ඒත් මං දන්නවා එයා ඒකට කැමති නැහැ. මට මේක හරි පීඩනයක්. මට ලිංගිකව එකතු වෙන එක ගැන තියෙන්නෙ පිළිකුලක් .ඒක මට හරි වේදනාවක්".

දිලිනි එයාගේ ළමා කාලය ගැන  පැවසුවේ මෙන්න මේ විදියට....

"මට අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයි ඉන්නවා.. එතකොට මම හිටියේ 5 වසරේ. එදා අලුත් අවුරුදු දවසක්.. හරියටම කිව්වොත් එදා තමයි හිසතෙල් ගාන දවස. නෑදෑයෝ ඔක්කොම අපේ ගෙදරට එන නිසා අම්මලා හැමෝම කුස්සියේ තමයි හිටියේ.. මමත් අනිත් අයත් එක්ක සෙල්ලම් කර කර හිටියේ.   අපේ ගෙදරට නිතර යන එන අයිය කෙනෙක් ඇවිත්  මට කතා කළා. එයා නිතරම අපේ ගෙදර යන එන අයියා කෙනෙක් නිසා මම එයත් එක්ක යන්නේ බය වුණේ නැහැ. එයා මාව එක්කරගෙන ගියේ අපේ ගෙට එහා පැත්තෙන් අලුතින් හදන ගෙදරටයි. ඒ ගෙදර කව්රුවත් හිටියේ නැහැ. ඒ ගෙදරට ගියාට පස්සේ එයා මගේ ඇඟ අත ගාන්න පටන් ගත්තා. මගේ යෝනි  මාර්ගයත් ඒ අවටත් එයා අතින් පිරිමැද්දා .මම හරියට බය උනා.. ඊට පස්සේ එයා මගේ අත අරන් එයාගේ ශිෂ්ණයෙන් තියලා පිරිමදින්න ගත්තා. ඊට පස්සේ මොනවද ස්‍රාවයක් පිට වුණා. එයා කිව්වා එයා චූ කරන දිහා මට බලාගෙන ඉන්න කියලා.. මම හරියට බය උනා. ඒත් මට කෑ ගහන්න වත් බැරි වුනා. මේ ගැන කාටහරි කිව්වොත් එහෙම එයා මාව මරනවා කියල මට කිව්වා. ඒ නිසා මේ ගැන කාටවත් කියන්නත් බය වුණා. මේ සිද්ධියෙන් පස්සේ මම හරිම බයෙන් තමයි ඉන්නේ... මොන තරම් උත්සාහ කරත් මට ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.. මට ඒක ලොකු වදයක්. මේ නිසාම මට හැම පිරිමියෙක් ගැනම බය හිතෙනවා".

දිලිනි හා තුෂාරගේ පවුල් ජීවිතයේ සාර්ථක කරගැනීම සඳහා දෙදෙනාම මනෝ උපදේශනයට යොමු වුණා.

උපදේශනයේ දී යොදාගත් ප්‍රතිකාර ක්‍රම කිහිපයක්

  • තරහා පාලනය කර ගැනීමේ ක්‍රියාකාරකම්
  • මනස සහ ශරීරය සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම
  • සීඩීබී තුවිලි ප්‍රතිකාර ක්‍රමය
  • sex therapy.

මෙම උපදේශන ක්‍රම මඟින් ඔවුන් සිටි පීඩාකාරී ගැටලුවෙන් මුදවා ගැනීමට හැකි වුණා මේ නිසා මෙවැනි ගැටලු හමුවේ පවුල් ජීවිතයේ ගැටලු ඇතිවීම මෙන්ම සියදිවි හානිකර ගැනීම් සිදු කරගන්නා පිරිස් අද සමාජයේ බහුලව දක්නට ලැබෙනවා නමුත් නිසි උපදේශනය සඳහා යොමුවීමෙන් මෙම ගැටළු වලින් ඈත්වීමට ඔබට හැකියි.

Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)

 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL

Facebook Page

Previous Post

පෙර ලිපි :

Friday, November 16, 2018

ලිංගික ජීවිතේ ගැටලු විවහ ජීවිතයට බලපාන අයුරු (Sexual Performance Anxiety)

ලිංගික ජීවිතේ ගැටලු විවහ ජීවිතයට බලපාන  අයුරු (Sexual Performance Anxiety) 

සරත් ගේ වයස අවුරුදු 48 යි. ඔහු දැනට  විවාහක දෙදරු පියෙකි. ඔහු අප ආයතනයට පැමිණි ඔහුගේ බිරිඳ සමගයි. මේ වන විට ඔවුන් අතර ලිංගික ජීවිතේ ගැටලුවක් ඇති වී තිබේ.  මේ පිළිබද  අප සරත් සමග සාකච්ඡා කළ පසු, සරත් ඔහුට පවතින ගැටළුව පහත පරිදි විස්තර කරන ලදී.

v  අධික ලෙස තරහ යාම
v  නිතර ඇතිවන හිසරදය
v  කළකිරුනු ස්වභාවයක් පැවතීම
v  බිරිද සමග ලිංගික ජීවිතේ පාවීලා
v  ලිංගික ප්‍රාණවත් බව අඩුවීම

 ඔහු අප සමඟ තවදුරටත් ඔහුගේ ගැටලූ විස්තර කළා.

"මම සරත් දැන්  මම විවාහ වෙලා අවුරුදු විස්සක් විතර වෙනවා අපි ඉතා හොඳින් පවුල් ජීවිතය ගත ගත කළා. මේ වන විට වයස අවුරුදු 18 ක පුතෙක් සහ අවුරුදු 15ක දියණියන් අපිට ඉන්නවා. අපේ පවුල හරිම සාමකාමී. ඒත් මීට අවුරුදු හයකට විතර ඉඳලා මමයි මගේ භාර්යාවයි අතරේ  ලිංගික කාර්යේ  යම්තාක් දුරට අඩුවෙලා කියලා මට හිතෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව ලිංගික  කාර්යේදී මගේ ශිෂ්ණය ප්‍රාණවත් බව අඩුවීමයි.  මේ දේවල් නිසා මම විතරක් නොවෙයි මගේ බිරිඳ පවා ඉතා අසහනකාරී සභාවකින් තමයි ඉන්නේ.බැඳපු අලුත ඉඳන් අවුරුදු දාහතරක් විතර යනකන් අපි අතරේ ඉතාමත් හොඳ sex life එකක් තිබුණා. මේ දේ සිදු වෙන්න මූලික වශයෙන් පටන් ගත්තේ මගේ රැකියාවේ සිද්ධවූ කාලවේලාවේ වෙනසත් සමඟයි. ඉස්සර මම උදේ වරුවේ වැඩට ගිහින් රෑ වෙනකොට ගෙදර ආවා. ඒ ඇවිත් බොහෝදුරට රෑ නින්දට යද්දී ලිංගික එකතු වුණාමම රැකියාව කරන්නේ රේගුවේ (කස්ටම් එකේ).මීට අවුරුදු ක සිට මම රාත්‍රී සේවයේ (night-shift) කරන්න සිද්ධ වුණා. මෙය සතියෙන් සතිය මාරු වුනා. එවිට මම බොහෝ දුරට රාත්‍රියට ගෙදර නැහැ. ඉතින් දරුවන්  පාසල් ගියාට පස්සේ දවල් වරුවට තමයි අපි එකතු වෙන්නේ. ඒ බිරිද මේ වෙලාවට එකතුවෙන්න ඒ තරම් කැමැත්තක් නැහැ. එයා කියන්නේ ඒ වෙලාවට මහන්සියි කියලා, ගෙදර වැඩ තියෙනවා කියලා, එකතු වෙන වෙලාවක දරුවා හරි ගෙදර ආවොත් කියල, එයා හරිම බයෙන් තමයි එකතු වෙන්නේ. ඇත්තටම මටත් රෑට එකතු වෙන එකම් විශාල තෘප්තියක් දැනුනේ නැහැ. මේ  සිදුවීම නිසා කලින් තිබුණ ප්‍රාණවත්වීම නොමැති බව මට ටික ටික දැනෙන්න ගත්තා. ඒත් අන්තිමේදී මේ විදියට කාලය යද්දි සමහර අවස්ථාවලදී අපි රාත්‍රියට එකතු උනොත්, මට කලින් වගේ ප්‍රාණවත් වීම නොවන බවක් දැනුනා. මේ ගැන අපි විවිද වෛද්‍යවරු හොයාගෙන ගියා. ඒත් ඒ එකකින්වත් වැඩක් වුණේ නැහැ.  ගොඩක් බෙහෙත් ජාති පාවිචි කලත් වෙනසක් වුණේ නෑ. අන්තිමේදී මේක මානසිකව දැනෙන අපහසු තාවයක් කියලා දැනුන නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න හිතුනා. මේ හේතුව නිසා මට හරිම කණස්සල්ලෙන් තමයි ඉන්නේ. වෙනදට වඩා මට තරහ යනවා. මගේ වයිෆ් වුණත් ලොකු ආතතියකින් ඉන්නේ කියලා මට දැනෙනවා. ඒ නිසා තමයි ක්මනින්ම ප්‍රතිකාර වලට යොමු වෙන්න හිතුවේ."

ලිංගිකත්වය කියලා කියන්නේ අපි හැමෝටම ඇතිවන පොදු හැඟීමක් . ස්වභාවික ආසාවක් තිබහට, වතුර බොනවා වගේම, බඩගින්නට කෑම කනවා වගේම, ලිංගිකත්වය කියල කියන්නෙ අපිට ඇතිවෙන ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක්. මානසික අවපීඩනයේ මෙන්ම ආතතිය මේ ලිංගිකත්වයට බලපාන බව ඔබ දන්නවාද ලිංගික ක්‍රියාවලියකදී ප්‍රධානම අවයව මනස කිව්වොත් ඔබ පුදුම වේවි. ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට හේතු. ල්පවතින ආතතිය, මත්පැන් පානය, ලිංගිකත්වය ගැන ඇති මිත්‍යා මත, පෙර අත්දැකීම් ඩුකම, performance anxiety, ලිංගික එකතුවීම ගැන අවශ්‍ය ප්‍රමාණයට වඩා සිතීම. 

සරත් සහ ඇගේ බිරිඳව උපදේශනයට යොමු වීම මගින්, ආතතිය අඩුකර ගැනීමටත්, නැතිවී ගිය ලිංගික ආශාව නැතිව ඇති කරගැනීමටත් හැකිවුණා. උපදේශනයේ දී යොදාගත් ප්‍රධාන  උපදේශන ක්‍රමවේද කීපයක් නම්. මනස සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම, ශරීරය සැහැල්ලු කිරීමේ ව්‍යායාම, තරහා පාලනය කර ගැනීම ගැනීමේ ව්‍යායාම, දෙදෙනා අතර සන්නිවේදන, එය වැඩි කිරීමේ ක්‍රියාකාරකම්, ලිංගික සන්නිවේදනය දියුණු කිරීමේ ක්‍රියාකාරකම්, Sensate Focus in Sex Therapy, ආතතිය නිසා ශරීරයට හාමනසට සිදුවන හානි සාකච්ඡා කිරීමවැනි ප්‍රතිකාර ක්‍රම උපදේශනයේදී කියා දුන්නා.

උපදේශනයෙන් පසු ඔවුන් දැන් ඔවුන්ගේ ගැටලුවෙන් මිදී සතුටින් ගත කරනවා. මෙවැනි ගැටලුකාරී තත්වයක් ඔබට හෝ ඔබ දන්නා අයකුට ඇත්නම්, ඔවුන් මෙම පීඩනයෙන් ඈත්වීම සඳහා නිවැරදි මනෝවිද්‍යාත්මක උපදේශනයකට යොමු කරන්න.

Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)

 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL

Facebook Page

Previous Post

පෙර ලිපි :

Tuesday, November 13, 2018

දැඩි වේදනාව නිසා ප්‍රතික්ෂේප කරන ලිංගික සංසර්ගය

දැඩි වේදනාව නිසා ප්‍රතික්ෂේප කරන ලිංගික සංසර්ගය

 බඩගින්නට කෑම කනවා, තිබහට වතුර බොනවා වගේ අපිට ඇති මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් තමයි ලිංගිකත්වය කියන්නේ. ඒත් ඒ ලිංගිකත්වය නිසා මේ වන විට අද සමාජයේ ලිංගික ගැටලු බොහොමයක් පවතිනවා. නමුත් මේ ලිංගික ගැටලු ගැන කිසිම කෙනෙක් විවෘතව කතා කරන්න කැමැති නැහැ. එයට මූලික හේතුව ලෙස ලිංගික දැනුම අඩුකම, ඒ ගැන ඇති සංස්කෘතික බලපෑමත් හේතු වෙනවා. බොහෝ අවස්ථාවලදී පවුල් ආරවුල් වලට වගේම දික්කසාද වලටත් හේතුවන්නේ මෙම ලිංගික ගැටලුමයි. නමුත් බොහොමයක් ඒ ගැන කතා කරන්න තියෙන අකමැත්ත නිසාම බොහෝ ගැටළු වලට මුහුණ දෙනවා . බොහෝ දෙනෙක් නොදන්න ඒ නිසාම පීඩාවට පත්වෙන ගැටලුකාරී තත්ත්වයක් ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ.

මෙම ලිංගික ගැටලුව නිසා පීඩාවට පත් වුණ ශිරෝමි සහ ලසන්ත ගැනයි මේ කතාව. ඔවුන් විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. ලසන්ත පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරන අතර ශිරෝමි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරනවා.  ලසන්ත පවසා  සිටියේ ඔහුගේ බිරිඳට දැඩි ලෙස තරහ යන බවත්, නිතරම ඇය ඍණාත්මක සිතිවිලිවල  ඉන්නා බවත්. 

ලසන්ත අප  සමග කිව්ව දේ....

"අපි විවාහ වුණේ අවුරුදු පහක් ආදරේ කරලා. අපි හරිම සතුටින් තමයි හිටියේ. ශිරෝමිත් මට හරිම ආදරෙන් හිටියා. අපි විවාහ වෙනවාට අපේ  ගෙවල් වලින් කිසිම බාධාවක් ආවෙ නැහැ. අපි අපේ වෙඩින් එක හරිම ලස්සනට  ප්ලෑන් කරලා කළා.  ශිරෝමිගේ කැමැත්ත නිසාම තමයි අපි අපේ හනිමුන් එකට නුවරඑළි හෝටලයක් තෝරගත්තෙ. ඒත් එදා අපිට ලිංගික එකතු වෙන්න බැරිවුණාමොකද මම  එයාව ආදරෙන් තුරුළු කරගෙන සිප වැළඳ ගත්තත්, ලිංගික එකතු වෙන්න හදනකොට එකපාරටම එයා මාව තල්ලු කරලා දැම්මා. ඒ නිසා මම පුදුම පීඩනයකට පත් වුනා එදා. මම හිතුවේ එයාට මාව එපා වෙලා කියලා. මම එයාගෙන් ඇහුවා ඇයි ඒ විදියට මාව ප්‍රතික්ෂේප කරන්නේ කියලා. එයා එතකොට කිව්වේ මම ඔයාට හරිම ආදරෙයි, ඒත් ලිංගිකව එකතුවෙන නම් මට බෑ කියලයි. අපි බැඳලා දැනට අවුරුදු හතරක් උනත්, එදා ඉඳල තව වෙනකනුත් අපි ලිංගිකව එකතු වෙලා නැහැ. එයා මාත් එක්ක ලිංගිකව එකතු වෙන්න ආසා වුනත්, එයා හරිම බයයි එයාව තුරුල් කරගන්න එයාව කිස් කරනවට එයා ආසයි. ඒත් ලිංගිකව එකතු වෙන්න හදනකොටම තමයි එයා බයවෙලා මා පැත්තකට ඇදලා දාන්නෙ. ලිංගිකව එකතු වෙන්න ගියාම එයා ගොඩක් බය වෙනවා. ඒ වෙලාවට එයාට දාඩිය දාලා, එයාගේ කකුල් දෙකේ මාංෂපේශීන් තද වෙනවා. සමහර වෙලාවට එයාට හුස්ම ගන්නත් බැරි වෙනවා. මේ නිසා ශිරෝමි වගේම මාත් ඉන්නේ හරිම පීඩනයකින්, වගේම හරිම දුකකින්."

ඉන්පස්සෙ අපි ශිරෝමිත් එක්ක කතා  කලා. ශිරෝමි කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. 

"මම ලසන්තට හරිම ආදරෙයි. එයා ගොඩාක් හොඳ කෙනෙක්. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මට  ලිංගිකව එකතුවෙන්න හදනකොට ලොකු බයක් එනවා. මට හිතෙන්නේ ලොකු වේදනාවක් මට දැනෙයි කියල."

අපි ඇගේ ළමා කාලය ගැන කතා කළා. එවිට ඇය කිව්වේ ඇගේ දෙමාපියන් ගේ  දැඩි පීඩනයක් යටතේ ජීවත්වූ  බවයි. 

"මම පවුලේ එකම ගෑනු ළමයා. මට අයියලා දෙන්නෙක් හිටිය. මේ නිසා එයාලා හරියට මාව පරිස්සම් කලා. මොකද අම්මා නිතරම කිව්වෙ ගෑණු ළමයි බිඳෙන වීදුරු බඩු වගේ කියලයි. ඒ නිසා  හරිම පරිස්සම් වෙන්න ඕනේ කියලා තමයි අම්මා කිව්වේ. මේ නිසා මට ගොඩක් යාළුවො ආශ්‍රය කරන්න ලැබුනෙත් නැහැ. මම A/L කරන කොට  තමයි මට යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණේ. දවසක් අපි කතාකරමින් ඉන්නකොට  එයාලා කිව්වා ප්‍රථම ලිංගික එකතු වීමේදී ලොකු වේදනාවක් ඇතිවෙනවා කියලා. ඒ වගේම ලේ පිටවීමක් වෙනවා කියලත් එයාලා කිව්වා. මේක අහපු වෙලාවෙ මට හරිම බයක් දැනුණා. එදා ඉඳලා මම හරිම බයෙන් හිටියේ ලිංගිකව එකතු වෙන්න. ඒ බය නිසා තමයි මං ලසන්තට කොයි තරම් ආදරේ කරත් එයා එක්ක ලිංගිකව එකතු වෙන්න අකමැති. "

ශිරෝමි පත්වෙලා හිටියේ අපි සමාජයේ බොහොමයක් කාන්තාවන් මුහුණ දෙන, ඒත් විවෘතව කතා නොකරන ගැටලුකාරී තත්ත්වයක් ගැනයි. ශිරෝමිට ලිංගිකව එකතු වෙන්න බයක් දැනෙනවා වගේම ඇයට වේදනාකාරී හැඟීමක් වෙනවා. ලිංගික සංසර්ගය ගැන ඇයතුල  ති වෙන බය නිසා තමයි ඇය මෙවැනි තත්වයක් ඇති වුණේ.ඉන් ඇති වෙන බය නිසාම යෝනිමාර්ගය පහළ කොටසේ මාංශපේශීන් දැඩි සංකෝචනයට ලක්වෙනවා. මේ නිසා තමයි වේදනාවක් ඇති වෙන්නේ. මෙය කායික ගැටලුවක් නොවෙයි. පුංචි කාලෙදි එයාගෙ හිතට ඇතිවුන දැඩි බය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ .ඉතින් මේ  බය නිසාම සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා. මනෝ විද්‍යාවේ දී මේ තත්ත්වය vajinismus කියලා හොයාගෙන තියෙනවා. 

මෙම තත්වයට හේතු ලෙස, කුඩා කාලයේදී ලිංගික අපයෝජනවලට ලක් වීම ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුවීම, ලිංගිකත්වය ගැන ඇති මිත්‍යා විශ්වාස ආදිය බලපානවා. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපාන තවත් හේතුවක් තමයි දරු ප්‍රසූතිය. ඒ කියන්නේ පළවෙනි දරු ප්‍රසූතිය ඉතා වේදනාකාරී නම් එවැනි කාන්තාවන් නැවත ගැබ් ගැනීමක් හෝ දරු ප්‍රසූතියකට බය වෙනවා. ඒ බය නිසා ඇය ආයෙත් දරුවෙක් හදන්න බයයි. මේ නිසා ලිංගික සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා. මීට හේතුව ද ඇයට ඇතිවන බයයි.  මෙවැනි ගැටලු ඇති කාන්තාවන් අප සමාජයේ බොහොමයක් සිටියත්, ලැජ්ජාව නිසා එයාලා එම ගැටලු ගැන කතා කරන්න අකමැති වෙනවා. තවත් සමහරුන්  ශල්‍යකර්ම වලටත් යොමු වෙනවා. නමුත් මෙ කායික ගැටලුවක් නම් නොවෙයි. මනෝවිද්‍යාත්මක ක්‍රම මගින් මෙම ගැටළුව මගහරවා ගැනීමට හැකි වන බව බොහෝදෙනා  නොදන්නා කරුණක්. මේ නිසාම මානසික අවපීඩනය පවුල් ආරවුල් මෙන්ම දික්කසාදය ටත් හේතු වෙනවා.

ඉහත කතාවේ සිටි ශිරෝමි සහ ලසන්ත මානසික අතියට පත්ව   සිටියා. ඒ නිසාම තමයි ශිරෝමිට තරහ යන්නෙත්.. තරහ යෑම, නින්ද නොයාම,කළකිරීම, අලසකම, ඍණාත්මක සිතුවිලි ඇතිවීම , හිසරදය, අමතකවීම ,වැඩ කර ගැනීමේ හැකියාව අඩුවීම වැනි මානසික අවපීඩන ලක්ෂණ ඔවුන්ටත් තිබුණා. මානසික අවපීඩනයට ප්‍රතිකාර ගැනීම සඳහා ඔවුන් යොමු කළ අතර ඔවුන්ගේ ගැටළුවෙන් මිදීම සඳහා ඔවුන් උපදේශනය සදහා යොමු උනා.

පළමුව ඔවුන් මුහුණ දී ඇති ගැටළුව මනෝ විද්‍යාත්මකව පැහැදිලි කිරීමෙන් අනතුරුව, මනස සැහැල්ලුකිරීමේ ව්‍යායාම, ශරීරය සැහැල්ලු කිරීමේ ව්‍යායාම ලිංගිකත්වය ගැන ඇති වැරදි මත දුරස් කිරීම, ලිංගිකත්වයේ ඇති ප්‍රතිලාභ Sensate Focus in Sex Therapy (ලිංගික ආසාව වැඩි කිරීමේ හා ආකර්ෂණය ඇති කිරීමේ ව්‍යායාම),  Mirror exercise, kegel exercise (යෝනි යෝනි මාර්ගයේ පහළ කොටසේ ඇති මාංශ පේශීන් සැහැල්ලු කිරීමේ ව්‍යායාම), වැනි ප්‍රතිකාර ක්‍රම උපදේශනයේදී කියා දුන්නා. 

උපදේශනයෙන් පසු ඔවුන් දැන් ඔවුන්ගේ ගැටලුවෙන් මිදී සතුටින් ගත කරනවා. මෙවැනි ගැටලුකාරී තත්වයක් ඔබට හෝ ඔබ දන්නා අයකුට ඇත්නම්, ඔවුන් මෙම පීඩනයෙන් ඈත්වීම සඳහා නිවැරදි මනෝවිද්‍යාත්මක උපදේශනයකට යොමු කරන්න.

මීට අදාල පර ලිපිය : ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)

Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)

 BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL

Facebook Page

Sunday, November 11, 2018

ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)

කාන්තාවන්ගේ  වේදනාකාරී ලිංගික එක්වීම හෙවත් වැජිනිස්මස්  (Vaginismus) 

Vaginismus කියන්නේ මොකද් ද? කාන්තාවන් මුහුණපාන මානසික පීඩනයක් ඇති කරන තත්ත්වයක්. යෝනි මාර්ගය අවට පහළ කොටසේ මාංසපේශීන් තදවීමක් සමඟ ඇතිවන දැඩි වේදනාවක්. මෙහිදී කාන්තාවකට ලිංගික උත්තේජනය වීමට ගැටලුවක් නැත. යෝනි මාර්ගයට ශිෂණය ඇතුල්  කිරීමට ඇය ඉඩ නොදෙයි. එයට හේතුව ඇයට ඇතිවන දැඩි වේදනාව යි. මෙවැනි කාන්තාවකට ලිංගික  සංසර්ගයේ  යෙදීමට දැඩි බයක් මෙන්ම ආතතියක් තිබිය හැකියි. මේ බය නිසාම ඔවුන් ලිංගික සංසර්ගය ප්‍රතික්ෂේප කරනවා.

Vaginismus වර්ග

  1. Primary vaginismusලමු ලිංගික සංසර්ගයට බය වීම
  2. Secondary vaginismus
    • දරු ප්‍රසූතියෙන් පසු
    • සහකරු පිළිබඳ අවිනිශ්චිත භාවයක් (විශ්වාසය නැතිවීම නිසා) 
    • සමහර අවස්ථාවලදී කාන්තාවන්ට ආර්තවහරණයෙන් පසු ඇතිවීම (මෙයට හේතුව ලිංගික කාර්යය පහසු කරන ඊස්ට්‍රජන් වැනි හෝමෝනයන් ප්‍රමාණයන්  අඩුවීමයි)  
    • එම නිසා යෝනි මාර්ගය   තෙත් වීම lubrication අඩුවීම නිසා සංසර්ගය වේදනා සහිත වීම හා එය පීඩාකාරී තත්ත්වයක් බවට පත්වීම

Vaginismus හඳුනාගැනීම
  •  ලිංගික එක්වීමේදී දැඩි වේදනාවක් දැනීම
  •  හේතු නොමැතිව දිගුකාලීන පවතින ලිංගික වේදනාව
  •  ලිංගික ක්‍රියාවලියේදී මාංෂපේශීන් තද වීම
  •  ලිංගික ක්‍රියාවලිය සිදුවීම ඉදි හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම
  •  ලිංගික ක්‍රියාවන් මගහැරීම

Vaginismus සදහා බලපාන හේතු  

මානසික ගැටළු (Emotional triggers)
  •  කුඩා කාලයේ ලිංගික අපයෝජනවලට ලක් වීම
  •  තමා ගර්භනී වේ යැයි බය වීම
  •  දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවට බයවීම
  •  ලිංගිකත්වය ගැන ඇති මිත්‍යා මත
  •  ලිංගිකත්වය ගැන ඇති අවබෝධය අඩුකම නිසා ආතතියට පත් වීම
  •  ලැජ්ජාව
  •  අවිශ්වාස සහගත සහකරුවෙකු වීම

කායික ගැටළු (physical triggers)
  • දිලීර හා ආසාදන තත්ත්වයන්
  • පිළිකා හෝ දිගුකාලීනව පවතින රෝගී තත්වයන්
  • දරු ප්‍රසූතිය 
  • ආර්තව හරනය මාසික ඔසප් වීම නතර වීම
  •  පටක සැත්කම් (Pelvic surgeries)
  • යොනි මාර්ගය තෙත් වීම අඩුවීම (lubrication)
  •  සමහර ලෙඩ රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා ඇතිවන අතුරු ආබාධ

 Vaginismus සදහා ප්‍රතිකාර ක්‍රම

මෙවැනි තත්වයක් හදුනාගත් විට උපදේශනයෙන් හා sex therapist කෙනෙකුගෙන් සහාය ලබා ගැනීම ඉතා වැදගත් වේ. මන්ද මෙය කායික ගැටලුවක් නොවන නිසාවෙනි.

  • මනෝ අධ්‍යාපනය ලබාදීම psycho education
  • මනස සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම relaxation therapy
  • Imaginations
  • ලිංගිකත්වය ගැන ඇති දැනුම වැඩි කිරීම
  • ලිංගිකත්වයට ඇති බය නැති කිරීමේ ක්‍රියාකාරකම්
  • Day planning
  • Mirror exercise
  • Kegel exercise
  • Sensate Focus in Sex Therapy ලිංගික උද්ධීපනය ඇති කිරීම හා ආකර්ෂණය ඇති කිරීමේ ව්‍යායාම