BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශනය)

Like Us on Facebook

Friday, November 9, 2018

OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය


O.C.D - ග්‍රස්ථිය
(Obsessive Compulsive Disorder)


O.C.D හෙවත් ග්‍රස්ථිය කියලා කියන්නේ තවත් එක මානසික අසනීප තත්වයක්. O.C.D හෙවත් ග්‍රස්ථිය නිසා ජීවිතය අවුල් වෙනවා වගේම අපිව ආතතියට පත් කරනවා. තමන් අකමැති අනවශ්‍ය සිතුවිලි ජාලාවක් එක දිගටම ගලාගෙන ඒම තමයි O.C.D වල එහෙම ලක්ෂණ. එවැනි රෝගියෙක්, ඒ සිතිවිලි නවත්තගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. නමුත් නැවත නැවත එම සිතුවිලි පැමිණෙනවා. මේ නිසා, රෝගියා මහත් අපහසුතාවයට ලක් වෙනවා. මේ කරදරකාරි සිතුවිලි නවතා ගැනීමට අපහසු වීම නිසා රෝගීන් දැඩි මානසික අවපීඩනයට දුරුවෙනවා.

කෙසේද O.C.D හෙවත් ග්‍රස්ථිය හඳුනගන්නේ
O.C.D හෙවත් ග්‍රස්ථිය කියන්නේ ආතතියක්. මෙහි කොටස් දෙකක් තියෙනවා.
  1. කරදරකාරි සිතුවිලි (Obsessions)
  2. එම සිතිවිලි වලට අනුරූපව ඇති වන ක්‍රියාකාරකම් (Compulsions)
O.C.D හෙවත් ග්‍රස්ථිය හඳුනා ගැනීම

  • අප්‍රසන්න පීඩාකාරී පාලනයකින් තොරව ඇතිවීම 
  • තමාගේ කැමැත්තකින් තොරව සිතුවිලි ඇති වීම 
  • තමාගේම සිතුවිල්ලක් කියා දැනීම 
  • බලහත්කාරයෙන් හිතට පැමිණීම
  • කිසිම අවශ්‍යතාවයක් නැති සිතුවිලි වීම 
  • කිසිම වැදගත් කමක් නැති සිතුවිලි වීම 
  • එදිනෙදා කටයුතු වලට බාධා පැමිණවීම 
O.C.D හෙවත් ග්‍රස්ථිය ඇතිවන ආකාර


O.C.D හෙවත් ග්‍රස්ථිය තුන් ආකාරයකට පැමිණිය හැකි ය.

  1. Thought - සිතුවිලි ගලාගෙන ඒම 
  2. Image - චිත්ත රූප මැවිලා පෙනීම 
  3. Impulse - ආවේගශීලී ප්‍රචණ්ඩකාරී සිතුවිලි 

සිතුවිලි එන ආකාර (Obsession)

  1. අපිරිසිදු භාවයේ සිතුවිලි 
  2. ලිංගික සිතුවිලි 
  3. ආගමික සිතුවිලි 
  4. ප්‍රචණ්ඩකාරී සිතුවිලි 
  5. අනතුරු පිළිබඳ සිතුවිලි 
  6. මරණ පිළිබඳ සිතුවිලි 
  7. සාමාන්‍ය පිළිවෙල (over cleanliness / Neatness)
  8. අනවශ්‍ය දේවල් සිතීම (Ex.ලෝකයේ අග කොහේද)
  9. සමාජීය වශයෙන් පිළිනොගන්නා තොරතුරු පිළිබඳ සිතුවිලි ඇති වීම ( ‍Ex. ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය දේවල් කිරීම, හයියෙන් කෑ ගැසීම, පිරිසක් ඉදිරියට ගොස් නර්තනයේ යෙදීම)

සිතුවිලි වලට අනුරූපීව කරන ක්‍රියාකාරකම් (Compulsions)

  1. Checking - පරික්ෂාකිරීම 
  • දොර වසා ඇත්දැයි පරික්ෂා කිරීම 
  • තමාගේ බඩු නියමිත ස්ථානවල තිබේ දැයි නිතර නිතර   පරීක්ෂා කිරීම 
               c.Light Off කළා දැයි නිතර පරීක්ෂා කිරීම

      2.Washing - සෙදීම 
              a. නිතර අත සේදීම
              b. පැය හතරක් පහක් නෑම
              c. බඩ මුට්ටු නිතර සේදීම

      3. Counting - ගනන් කිරීම 
    • පාරේ ගමන් කරන විට ගොඩනැගිලි ගස් වාහන ගනන් කිරීම 
    • නාන විට ගනන් කිරීම

O.C.D හෙවත් ග්‍රස්ථිය ඇතිවීමට බලපාන හේතු 

  1. ජාන වල බලපෑම 
  2. මොලයේ 5-HT අසමතුලිතතාවය 
  3.  අනතුරු නිසා මොළයට ඇතිවන හානි 
  4. මොලයේ ලලාට ඛණ්ඩිකාව හා බේසල් ගැලන්ඩියා හි ඇතිවන වෙනස්කම්

O.C.D හෙවත් ග්‍රස්ථිය නිසා ඇතිවන හානි 

  1. කාලය නාස්ති වීම (Ex. office යාමට ප්‍රමාද වීම )
  2. මානසික ආතතිය 
  3. අමතකවීම 
  4. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වීම 
  5. මානසික අවපීඩනයට ගොදුරුවීම 
  6. සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම

O.C.D හෙවත් ග්‍රස්ථිය සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම

  1. ඖෂධ ප්‍රතිකාර - Medical Treatments
  2. මනෝ චිකිත්සක ප්‍රතිකාර - Counselling

උපදේශනයේදී O.C.D හෙවත් ග්‍රස්ථිය රෝගියෙක් සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම 

  1. නිරාවරණය සහ ප්රතිචාර වැළැක්වීමේ ප්රතිකාරය (Exposure & Response Prevention Therapy)
  2. සිතුවිලි ප්‍රතිකාර ක්‍රමය (Cognitive behavioural therapy (CBT)) 
          a. අවස්ථා වලින් මගහරින ක්‍රියාවන් නැවත සිදුකිරීමට පුරුදු කිරීම.
          b. Challenging Technique
          c. Thoughts stopping Technique
          d.  Habitual Training 
              i. Ex.පීඩාකාරි සිතුවිලි ලිවීමට දීම 
             ii. සිතුවිල්ල රෙකෝඩ් කර නැවත නැවත ඇසීමට දීම 
            iii. Feeling Thermometer 
            iv. Relaxation therapy 
             v. Exercising 
            vi. අවධානය රඳවන ක්‍රියාකාරකම්
           vii. Mental walking 
          viii. Focus on an object 
            ix. Sensory Awareness 
             x. පංචේන්ද්‍රියන් පිළිබඳව අවධානය යොමු කිරීම




Inoka Edrisinghe (Counselling Psychologist)
Bsc Psy. & Con. (IND)
HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)
SLPPCA Reg. No. 222 

Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)

Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)

Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)

Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)

MediHelp Hospitals  Kaleniya (Visiting Consultant 2022 – Present)

Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)

WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)  

Sri Lanka National secretariat for early childhood development's resource Pool 

Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present 

Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)

BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)

 BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානය)

 # No. 10/1 Hill Street,

Housing Scheme, Kiribathgoda, Sri Lanka.

Contact No : +94 -77-087-7759

Web             : www.betterlifesl.com

Facebook   : www.facebook.com/betterLifeinSL


Facebook Page






Previous Post

මානසික අවපීඩනය - Depression

ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression

සමාජ භීතිකාව හෙවත් social Anxiety

මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)

පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය

නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය - Schizophrenia